වාර්ෂිකව මෙරට තුළ ක්ෂය රෝගීන් 9000ක් පමණ වාර්තා වන බවත් මරණ අනුපාත හා සංඛ්‍යා ලේඛනවලට සීමා නොවී ක්ෂය රෝගය කඩිනමින් තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා ප්‍රකාශකළේය.
ක්ෂය රෝග දිනය මුල්කර ගනිමින් පවත්වන වැඩසටහන් තුළින් පමණක් ක්ෂය රෝගය තුරන් කළ නොහැකි බවත් 2030 වසර වන විට ක්ෂය රෝගය තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇති බවත් හෙතෙම පැවසුයේ පදනම් ආයතනයේ පැවැති උත්සවයකට සහභාගීවෙමිනි.