2030 වන විට මුහුදේ ජීවත්වන මත්ස්‍යයින්ගේ බරට වඩා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙන බව විද්‍යාඥයින් සොයාගෙන ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
අද (15) දිනට යෙදි ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් පැවති වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙ බව පැවැසීය.
“මෙවැනි තත්වයක් හමුවේ සාගර පද්ධතියත්, අපේ ජීවන පද්ධතියත් මිය ගියහොත් එය මිනිසාට තීරණාත්මකව බලපානවා. ඒ වගේම ගොලීය උණුසුම ඉහළ යාම නිසා සිදුව ඇති ප්‍රධාන ගැටළුවට අද මුළු ලෝකයම මුහුණ දෙනවා. අධික වර්ෂාව, ඉතාම තද පෑවිල්ල මෙන්ම වැඩිය අනාවරණය නොවන නමුත් මෙය ඇත්ත කාරණයක් එනම් සාගර ජලය රටතුළට කාවැදීම.” යැයි ඔහු පැවැසීය.