වයස අවුරුදු 40 ට වැඩි, වැඩිහිටි ජනගහනයෙන් 1.7% ක් මේ වනවිට අක්ෂි රෝගවලට ගොදුරුව ඇති බවත්, 2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26% ක් අන්ධභාවයට පත්වන බවට සංඛ්‍යා ලේඛන අනාවරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා 2018 වසරේදී රුපියල් මිලියන 1700 කට වැඩි මුදලක් වැය කරන බවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2018 වසරේදී අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් බව දැනට ඇස්තමේන්තු කර ඇති බවත් 2017 වසරේදී අක්ෂි කාච ලක්ෂයක් ආනයන කර රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම අක්ෂි ශල්‍යකර්ම පොරොත්තු ලේඛනය අවම කරගැනීම සඳහා පෞද්ගලික රෝහල්වලදීද ශල්‍යකර්ම සිදුකිරීමේ වැඩපිළිවෙළක් 2018 වසරේදී ආරම්භ කිරීමට නියමිතය.
ඒ සඳහා වැයවන මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරන බවත් අද (18දා) නිකුත් කළ නිවේදනයේ වැඩිදුරත් සඳහන් වෙයි.