2022 වසරේදී දිගු සති අන්ත
2022 වසරේදී දිගු සති අන්ත කිහිපයක්ම යෙදී තිබේ. ඒ් ඇතැමි නිවාඩු සඳුදා හා සිකුරාදා දිනවල යෙදී තිබෙන හේතුවෙනි.
මේ අනුව
ජනවාරි මස 14 වැනි සිකුරාදා තෛයිපොංගල් දිනයත් 17 වැනි සඳුදා දුරුතු පොහොයත් යෙදී ඇති හෙයින් ජනවාරි 14, 15, 16 හා 17 දීර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
පෙබරවාරි මස 04 දා නිදහස් දිනය සිකුරාදාට යෙදී ඇති හෙයින් පෙබරවාරි 04, 05 හා 06 දා දීර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
අප්‍රේල් මස සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයන් 13 බදාදා හා 14 බ්‍රහස්පතින්දා යෙදී තිබේ. මහ සිකුරාදා අප්‍රේල් මස 15 දාත්, බක් පොහොය 16 දා සෙනසුරාදාත් යෙදී තිබේ. ඒ් අනුව අප්‍රේල් 13 දා සිට 17 දා තෙක් දීර්ඝ සති අන්තයක් යෙදෙනු ඇත.
මැයි පළමු වැනිදා ඉරිදා දිනයට යෙදී ඇති හෙයින් මැයි 02 දා සඳුදා අතිරේක බැංකු නිවාඩුවක් ලෙස නම්කර තිබේ. රාමසාන් දිනය මැයි 03 දා අගහරුවාදාට යෙදී ඇති හෙයින් එයද දීර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
මැයි මස වෙසක් පොහෝ දිනය 15 දා ඉරිදාටත් වෙසක් පොහෝ දිනයට පසුදින මැයි 16 දා සඳුදාටත් යෙදී ඇති හෙයින් මැයි මස 14දා, 15 දා හා 16 දා දීර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
ඔක්තොබර් වප් පොහොය හා නබි නායක උපන්දිනය 09 දා ඉරිදාට යෙදී ඇති හෙයින් 10 දා සඳුදා අතිරේක බැංකු නිවාඩුවක් ලෙස නම්කර තිබේ.
ඔක්තෝබර් 24 දා සඳුදා දීපවාලි දිනය යෙදී ඇති හෙයින් ඔක්තෝබර් 15, 16 හා 17 දා දීර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
නොවැම්බර් 07 දා සඳුදා ඉල් පොහොය යෙදී ඇති හෙයින් නොවැම්බර් 12,13 හා 14 දා දිර්ඝ සති අන්තයක් බවට පත්ව තිබේ.
දෙසැම්බර් 25 දා නත්තල් දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන් දෙසැම්බර් 26 දා සඳුදා අතිරේක බැංකු නිවාඩුවක් බවට පත් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

