2021 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2419ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉකුත් වසරේදී මාරක රිය අනතුරු 2325ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 13469කි.එයින් 5263ක් බරපතල ලෙසත් 8206ක් සුළු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.