2020 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ මාරක අනතුරු 2023කින් පුද්ගලයන් 2114ක් මියගොස් ඇතැයි රජය පවසයි.
මෙම අනතුරුවලින් යතුරු පැදි අනතුරු 963ක් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 987කි.
ඊට අමතරව ත්‍රිරෝද රථ හා ලොරි රථ හේතුවෙන් සිදුවන අනතුරු නිසා පුද්ගලයන් 500කට ආසන්න සංඛ්‍යාවක් මිය යයි.
රිය අනතුරු හේතුවෙන් පිරිමින් වැඩි පිරිසක් ජීවතක්ෂයට පත්වන අතර ඒ අනුව ඔවුන්ගේ පවුල් ඉතා අසරණ තතත්වයට පත්ව තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ රිය අනතුරු නිසා දිනකට මරණ 8-10ක් අතර ප්‍රමාණයක් සිදුවන බවට ගණන් බලා තිබේ.
රිය අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනය නොවැමැබ් 21ට යෙදී ඇති අතර එම දිනයට සමගාවීම් 2021 වසරේ නොවැම්බර් 21 වැනි ඉරිදා දින සිට සතියක කාලයක් මාර්ග ආරක්ෂණ සතිය ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඉන් අනතුරුව සෑම වසරකම මෙම මාර්ග ආරක්ෂණ සතිය ක්‍රියාවට නැංවීමට නියමිතය.