වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පුළුල් ලෙස උපුටා දක්වන ලද නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ පිළිබඳ ආකෘතියක් අනාවැකි පළ කරන්නේ ශීත සෘතුව උතුරු අර්ධගෝලයට පැමිණීමත් සමග තත්ත්වය නරක අතට හැරෙනු ඇති බවය.
ඒ අනුව 2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි අතර, එය දැනට වාර්තා වී ඇති මිලියන 0.9කට ආසන්න මරණ සමග මේ වසර අවසානය දක්වා තවත් මිලියන 1.9ක් පමණ මරණ වැඩිවීමකි..
මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය නිසා සිය දහස් ගණනකගේ ජීවිත බේරා ගත හැකි නමුත් ආර්ථික පසුබෑම හේතුවෙන් ලෝකය පුරා රාජ්‍ය නායකයන් විශාල කොවිඩ්-19 තෙහෙට්ටුවකට පත්වනු ඇති බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ (IHME) වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ මහතා පැවසීය.
"යුරෝපයේ, මධ්‍යම ආසියාවේ සහ එක්සත් ජනපදයේ මාරාන්තික දෙසැම්බරයක අපේක්ෂාවට අප මුහුණ දී සිටිනවා. නමුත් විද්‍යාව පැහැදිලියි. සාක්ෂි ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ නිසා වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය සහ සමාජ රැස්වීම් සඳහා සීමාවන් ඉතා වැදගත්." ඔහු අවධාරණය කළේය.
IHME ආකෘතිය මගින් එක්සත් ජනපදයේ රැල්ල දෙසැම්බර් මස මුලදී දිනකට ආසාදිත මරණ 2,900ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව කියයි. පුරෝකථනය අනුව ජනවාරි 01 වැනිදා වනවිට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ජපානය මුළු මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටිනු ඇති බවද සඳහන් කරයි.