වර්ෂ 2020 වනවිට සූර්ය විදුලි බල පද්ධති මගින් මෙගාවොට් 440ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම රජයේ ඉලක්කය බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට අමතරව විදුලිය අපතේ යාම වළක්වා ගැනීමට විදුලි පාරිභෝගිකයන්ට LED විදුලි බල්බ මිලියන 10ක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.