ශ්‍රී ලංකාවේ වසරකට කෘෂි රසායන මෙට්‍රික් ටොන් 8000 ක් සහ පොහොර මෙට්‍රික් ටොන් 900,000 ක් ආනයනය කරනු ලැබේ. 2020 වර්ෂය වනවිට මෙම ප්‍රමාණය අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබීතිබේ.