2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පෙරමුණක් යටතේ සියලු බලවේග ඒකරාශී කර ගනිමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග හෙට (10දා) පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා ප්‍රකාශ කළේය.
එම අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග සිදු කරන ලද සාකච්ඡාවකදී අද (09දා) මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒපිළිබඳ වූ මූලික සාකච්ඡා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් විසින් පවත්වන ලද බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා සාධනීය ස්ථාවරයක සිටි බවත් පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,එක් පෙරමුණක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
අනතුරුව වසර 2025 දක්වා වත්මන් යහපාලන රජය කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත්,සම්ප්‍රදායිකව නොසිතා නව දේශපාලන ප්‍රවාහයක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් සේනාරත්න මහතා පැවසීය.