ඇමෙරිකානු මුදල් නෝට්ටුවක් සඳහා ප්‍රථම වරට කාන්තා මුහුණක් ඇතුළත් කිරීමේ සැලසුමක් වාර්තා වෙයි.
ඒ අනුව, ඩොලර් 10 නෝට්ටුව සඳහා එරට සුවිශේෂී කාන්තාවකගේ මුහුණක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව මුදල් නෝට්ටුව 2020 දී හඳුන්වාදීමට නියමිත අතර, ඇමෙරිකානු කාන්තාවන්ට ඡන්ද බලය හිමි වූ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ සියවස් සැමරුම යෙදෙන එම වර්ෂය මීට නිමිත්ත කරගෙන තිබේ.
මීට අමතරව, ඩොලර් 10 නෝට්ටුවට යොදාගැනෙන කාන්තා මුහුණ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනතාවගේ අදහස් ලබාගැනීමටද එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
හිටපු ඇමෙරිකානු දේශපාලන නායකයන් මීට පෙර ඩොලර් නෝට්ටු සඳහා යොදා ගැනුණු අතර, ඒ සියලු දෙනා සුදු ජාතික පුරුෂයන් වූහ.