ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 16 කණ්ඩායම සහ 23 කණ්ඩායම ලෙස බෙදී සිටියද ඉදිරියේදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ ප්රතිසංවිධානයක් සිදු කිරීමට නියමිත බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
2020 දක්වා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඊට තමාගේ සහාය හිමි වන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නව කැබිනට් සංශෝධනයත් සමග ආණ්ඩුවේ පැවැති අඩුපාඩු සකසා ගනිමින් ආණ්ඩුව නිවැරැදි මාවතට ගෙන යෑමටද කටයුතු කරන බවද පත්වූ නව කැබිනට් මණ්ඩලය කඩිනම් ප්‍රගතියක් පෙන්විය යුතු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් මාධ්‍යයට පවසා සිටියේය.