මෙරට තුළ මෙතෙක් පැවැති තාක්ෂණයේ වෙනසක් සිදුකරමින් 2020 වර්ෂය වනවිට සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතයට යොමුකරවීමට නියමිත අතර, 2016 වනවිට බස්නාහිර සහ උතුරු පළාත තුළ එම තාක්ෂණය ක්‍රියාත්මක කරන බවද කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඊයේ (18දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් පැවසීය.
ඒ අනුව ඉදිරි මාස 06 ක කාලය තුළ ඇනලොග් තාක්ෂණයෙන් යුත් උපකරණ මෙරටට ගෙන්වීම නතර කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජපානයේ භාවිත කරන අයි.එස්.ඩී.පී. (ISDP) තාක්ෂණය භාවිතයෙන් ලංකාවට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදෙන බවද හෙතෙම පැවසීය.
මේ සඳහා සමස්ත වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 164 ක් වැයවෙන බවත් ඉන් රුපියල් බිලියන හතරක් රජය යොදවන අතර, ඇමරිකානු බිලියන 18 ක් ජපානය විසින් ණය වශයෙන් ලබාදෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.