දුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව 2019 වසරේදී මත්පැන්වල දේශිය අලෙවිය සහ ඉල්ලුමට සැලකිය යුතු බලපෑමක් එල්ලවී ඇති බවද එම වාර්තාව පෙන්වාදෙයි.
දේශියව නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනික මත්පැන් සඳහා ඒවායේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය මත පනවනු ලබන සුරාබදු 2019 වසරේදී අවස්ථා දෙකකදී ඉහළ නැංවීම මෙයට හේතුවන්නට ඇතිබව මහ බැංකුව පවසයි.
එමෙන්ම ස්ප්‍රීතු ආසවනය කිරීම , මත්පැන් පවිත්‍රකරණය සහ ස්ප්‍රීතු මිශ්‍ර කිරීම යන අංශද ඇතුළුව සමස්ත මත්පැන් නිෂ්පාදනයද පහළගොස් ඇති බව මහබැංකුවේ වාර්ෂික වාර්තාව සදහන් කරයි.
මේ අතර මහජනතාව අතර සෞඛ්‍ය අවධානම පිළිබද දැනුවත්භාවය වර්ධනය වීම, දුම්කොළ නිෂ්පාදන මත බදුපැනවීම, නීතිමය බාධා හේතුවෙන් දුම්කොළ නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩුවී ඇති බවද මහබැංකුව සිය වාර්ෂික සඳහන්කර තිබේ.
දුම්කොළ නිෂ්පාදනද 2019 වසරේදී පහළගොස් ඇති අතර එහි වාර්ෂික අඩුවීම 12.6෴ ක් බවද මහබැංකුව 2019 වාර්ෂික වාර්තාවේ සඳහන්කර ඇත.