2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුළුල් සන්ධානයක් පිහිටු විමේ කටයුත්තක නිරතව සිටින බවද ඔහු සඳහන් කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා සිව් වසරක් ගතවීම නිමිත්තෙන් අද (18දා) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේදි පැවති ජන හමුවකදිය.
“ලංකා ඉතිහාසයේ ගොවියාට ලැබුණු හොඳම වී මිල ලැබුණේ මේ ආණ්ඩුවෙන් රු 65 යි. නිෂ්පාදිත මිල රු 28යි, අල කිලෝවක් රු 270 යි , නිෂ්පාදිත වියදම රු 70යි.
ගොවියට පොහොර ටික දෙනවා, බීජ ටික දෙනවා. ඔක්කොම රජයෙන් දෙනවා. මේච්චර කරලද ආණ්ඩුව ෆේල් කියන්නේ?
විපක්ෂය කියනවා ආණ්ඩුව ෆෙල් කියලා, අවුරුදු පහට එක පුද්ගලයෙක්ට රැකියාවක් දෙන්න බැරි වුණා. මේග රටේ මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කැවා , අද කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේල් කියලා.
විපක්ෂය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේදි කෑ ගැහුවා කියලා, මහර දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණා කියලා , කොරොනා රෝගීන් වැඩි වුණා කියලා, මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා.
කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න අපි කටයුතු කරනවා, අපේ ආයතන තුළ රැකියා අවස්තා තියෙනවා. ලබන අවුරුද්ද වන විට මේවාගේ රැකියා අපි පටන් ගන්නවා.
පසුගිය අවුරුදු පහෙදි සිදු වුණ සංවර්ධනයක් නෑ. කොරොනා නිසා එක සංචාරකයෙක් රටට එන්නේ නෑ, විදේශ ශ්‍රමිකයින් රටට සල්ලි ටික එවන්නේ නැ.
විපක්ෂයේ සජිත් ප්‍රේමදාස එහෙම පුළුල් සන්ධානයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා. ගෝඨාභය විරෝධි.කවුද මේ පුළුල් සන්ධානයේ ඉන්නේ?
චම්පික රණවක, අනුර දිසානායක ,සුමන්දිරන් , රිෂාඩ් බදුර්ඩින් , රවුෆ් හකිම් , කවුද මේ? පසුගිය කාලයේ මේ රටේ සල්ලි මංකොල්ල ටික. අන්තවාදය ,ත්‍රස්තවාදය ඇති කරපු වපුරපු අය.
අපිත් කැමති මේ සන්ධානය එනවා නම්. චම්පික රණවක , සජිත් ප්‍රේමදාස , මංගල සමරවිර , චන්ද්‍රිකා කුමාරතුංග ඒ සන්ධානයේ නායකකම ගන්න බලන් ඉන්නවා.
2019 වසරේ හිටපු ජනාධිතිවරයා ජනාධිපති ලේකම් කාර්යයාලයට වැය කරලා තියෙනවා බිලියන 3.2 ක්. වත්මන් ජනාධිපතිතුමාගේ වියදම බිලියන 1.2 යි.”