2019 අයවැයට අදාළ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධ කටයුතු නොවැම්බර් මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට රජය සැලසුම් කර තිඛෙන බව වාර්තා වේ.
මේ අතර වර්ෂය මැද ආර්ථීක හා මුදල් තත්ත්වය පිළිබඳ දිනක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීමටද ඊයේ පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය ලැබී තිඛෙන බව සඳහන්ය.
ඒ අනුව එම විවාදය ලබන මස පළමු සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනයකදී පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟවී ඇත. මේ අතර විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බවද ආණ්ඩු පක්ෂය ඊයේ දිනයේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.