2019 වසර ඉතිහාසයේ වැඩිම ණය බර ගෙවන්නට ඇති වසරයි
රාජ්‍ය සේවකයෙකුගේ මාසික වැටුප වන 12 500 ක මුදලක් හා සැම රට වැසියෙකුගේම මුදල් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය සදහා වැයවන අතර මාර්තු මස රජය විසින් ගෙන එන අයවැයත් සමග මෙම 2019 වසර ලංකා ඉතිහාසයේ වැඩිම ණය බර ගෙවන්නට ඇති වසර වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ රුපියල් ලක්ෂ 450 ක වියදමින් කඩුගන්නාව නව නගර සංවර්ධනය කර එය ජනතා අයිතියට පවරාදිම සඳහා ඊයේ (19) කඩුගන්නාවේදි පැවැති උත්සවය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
මෙම වසර තීරණාත්මක වසරක් ඒ වගේම එන්න තියෙන අයවැයත් සමග මේ වසර මහා බරපතල වසරක් බවට පත්වෙනවා.දේශපාලනික වශයෙන් ගත්තම රටේ ඉරණම තීරණය වන ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙනවා.
අපි සාමාන්‍යයෙන් රට සංවර්ධනය කරන්න ණය ගන්නවා. ඒ වගේම පරණ ණය ගෙවන්නත් ණය ගන්නව රටේ සංවර්ධනයට මේ වසරේදි රුපියල් බිලියන 800 ක් වියදම් කරන කොට ණය ගෙවන්න බිලියන 2300 ට ආසන්න මුදලක් වැය කරනවා.
ඒකට ආදායම් හොයන්න බදු නංවන්න වෙනවා. ඒකෙන් කාටද ඒ පීඩනය ඇති වන්නෙ රටේ මහජනතාවට. ශ්‍රී ලංකා ගුවන් සේවය 2008 වර්ශයේ සමස්ත ලාභය රුපියල් බිලියන 14 000 ක් ලැබුවා. අද වෙනකොට මේ පාඩුව බිලියන 250 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව වැඩ බැරි නූගත් වියදම් කරන්න විතරක් දන්න ඥාතින් මේවා පාලනය කල නිසා. මේව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.
හිටපු ජනාධිපතිතුමාගෙ මස්සිනා එතුමාගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මේ ශ්‍රී ලංකා ගුවන් සේවයයි මිහින් ලංකා ගුවන් සේවයයි පාලනය කල නිසා මේ අවුරුද්දෙ ඔබ සැම අපි හැමෝටම මේ පුද්ගලයන් දෙන්නගේ අයහපත් කළමානාකරණය නිසා ණය ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් හැමෝම අපිට බනිනවා උද්ඝෝෂණය කරනවා ඒකයි තත්ත්වය යනුවෙන් ඔහු පැවසිය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Sunday, 20 January 2019 02:10 PM
ආණ්ඩුව සතුටු වෙන්න ඕනේ. මේ තමයි ඕගොල්ලෝ ණය බර ගැන කියව කියව අඬන අන්තිම අවුරුද්ද. මිනිස්සු ඕගොල්ලන්ව "ඔය බරෙන්" නිදහස් කරනවා මේ අවුරුද්දෙන් පස්සේ. මහින්දගේ ආණ්ඩුවත් ණය වාරික ගෙව්වා, මතක ඇතිනේ, හැබැයි මේ වගේ අදෝනා කියව කියව, වරායවල් විකුණ විකුණ, ණය ගෙවන්න තවත් ණය අරන් නෙමෙයි. ලංකා ඉතිහාසයේ මේ අවුරුදු 4 ට තමයි කිසිම හේතුවක් නැතුව මහා කන්දරාවක් ණය අරන් තියෙන්නේ සහ ඒ ගත්ත ණය වලින් 1%ක්වත් කරපු වැඩක් දකින්න නැත්තේ. ඒ මදිවට තවත් ණය ගන්නවා. ජනාධිපතියි අගමැතියි තරඟෙට ණය ගන්නවා ඒ මොකොද කිව්වා නම් පස්සේ ගණන් හදල බලන්න කවුද දෙන්නගෙන් ණය ගන්න වැඩියම දක්ෂ කියල. ලංකාවේ පාලකයෝ එදා සහ අද හිතා ඉන්නේ තමන්ට මොකක් හරි රටක් හෝ සංවිධානයක් ණය දෙන එක මහා ලොකු දක්ෂකමක් සහ පිළිගැනීමක් කියලා. මේ වහල් පරාධීන මානසිකත්වයෙන් රට මිදෙන්න ඕනේ. රටක් සංවර්ධනය කරනවා කියන්නේ ලෝකෙට ණය වෙලා උස පාලම් හදන එකවත් දිග පාරවල් හදන එකවත් ලොකු ගොඩනැගිලි හදන එකවත් නෙමෙයි. ණය ගන්න ඉස්සෙල්ල හිතන්න ඕනේ ඒ ණය ගෙවන විදිහක් ගැන. තමන්ට ලැබිල තියෙන අවුරුදු 5 ඇතුලේ තමන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒ ආණ්ඩුව සහ එහි ප්‍රතිපත්ති අසාර්ථකයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

