මෙම වසර තුළ චීනය විසින් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ලංකාවට අමතරව පකිස්තානය, සවුදි අරාබිය සහ ඊජිප්තුව හා ඇතැම් ව්‍යාපාරික සමාගම් වෙනුවෙනුත් මෙම සැටලයිට් ලබා දීමට නියමිතය.
සමුද්‍ර නිරීක්ෂණ, කාලගුණ, ජංගම පිරික්සුම්, පෘථිවි නිරීක්ෂණ සහ සන්නිවේදන යන අවශ්‍යතා මෙම සැටලයිට් හරහා ලබාගැනීමට අපේක්ෂිත සේවාවන් වෙයි.
මෙම රටවල්වලට අමතරව GomSpace, Satellogic, Changguang (Jilin), SpaceTY, Kepler Communications, SuperView (Gaojing) යන සමාගම් ඇතුළු සමාගම් රැසකට මෙම සැටලයිට් සේවා දියත් වනු ඇත.
මෙම වසරේදී චීනය සිය අභ්‍යවකාශ සැටලයිට් දියත් කිරීම් දෙගුණ කිරීමේ සැලසුමක සිටියි. 2017 වසරේදී වැඩිම අභ්‍යවකාශ දියත් කිරීම් සිදු කර ඇත්තේ ඇමෙරිකාව වන අතර ඒ දියත් කිරීම් 29ම සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වී ඇත. රුසියාව සිය දියත් කිරීම් 20න් 19ක් සාර්ථක කර ගත් අතර චීනය තෙවැනි තැන පසුවිය. මෙම වසරේ එම තත්ත්වයේ වෙනසක් විය හැකි බවට අනාවරණය වී ඇත.