2018දී අවුරුදු 70 මන්ත්‍රී කණ්ඩායම වැඩි වෙයි
2018 වසර එළඹෙත්ම ශ්‍රී ලංකාව තුළ වියපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉහළ ගොස් තිබේ. ඒ 2018 වසරේදී 70 විය සපුරන මන්ත්‍රී කණ්ඩායමක් සිටින බැවිනි. එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් එම වයස් කඩඉමට ළඟාවෙමින් සිටිති.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව මේබ වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු 70 වැනි වියට එළඹීමට නියමිතය. ඒ අනුව මේ වසරේදී වයස අවුරුදු 70 ඉක්මවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 20දක්වා ඉහළ යනු ඇත.
එසේම මේ වසරේදීමන්ත්රීවරුන් තිදෙනෙකු 69 වැනි වියට එළඹීමට නියමිත අතර, තවත් මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු වයස අවුරුදු 65 සපුරනු ඇත.
ඒ අනුව 2020 වසර වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 70ට වැඩි වනු ඇත.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාව මුහුණදෙන අර්බුදයෙන් සුළු කොටසක් පමණි. ඒ 2012 වසර වනවිට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 12.5%ක් වූ වැඩිහිටි පිරිස සංඛ්‍යාත්මකව මිලියන 2.5ක් විය. එය 2012 වසර වනවිට 16.7෴ දක්වා ඉහළ යනු ඇතැයි නිගමනය කර තිබේ. 2041 වසර වනවිට ශ්‍රී ලාංකේය ජනතාවගෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇත.
යොහාන් පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


