2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (LNG) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා මේ පිළිබදව නීති සාදන්නන් හා මහජනතාව එක්ව ඉතාමත් ඉක්මනින් අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔහු සිය ට්ටිටර් ගිනුමෙන් පෙන්වා දෙයි දෙයි.