2018 වසරේදී සෑම ශ්රී ලංකා ජාතිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා දෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාතලේ දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීම අමතමින් ජනපතිවරයා මේ බව ප්රකාශ කළ බව ජනපති ට්විටර් ගිණුම කියයි.
මෙම රැස්වීම මීට සුළු මොහොතකට පෙර මාතලේ නරග සභාවේදී නිමාවට පත්විය. ජාතික සාක්ෂරතා අනුපාතයට වඩා මාතලේ දිස්ත්රික්කයේ සාක්ෂරතා අනුපාතය පහළ අගයක පැවැතීම පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමුව තිබේ. ජාතික සාක්ෂරතා අනුපාතය 92.7% ක් වුවත් මාතලේ දිස්ත්රික්කයේ එම අගය 88.9%ක අගයක් ගනී.