2018 වසර වන විට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සියල්ලක්ම ඉදිකර අවසන් කරන බවත් වැඩ කිරිමට ස්ථිර ආණ්ඩුවක් තිබිය යුතු බවත් ව්‍යඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
පොල්ගහවෙලදී පැවැති උත්සවයකට එක්වෙමින් හෙතෙම මෙම අදහස අද (17දා) ප්‍රකාශ කළේය.
"2018 වෙනකොට සියළුම අධිවේගී මාර්ග හදලා නිමකරනවා. අපිට වැඩකරන්න ස්ථීර ආණ්ඩුවක් තිබිය යුතුයි. ඒ ශක්තිය ජනාධිපතිතුමාට තියනවා. 2005 ඉඳලා එතුමා යුද්ධය කළා. 2009 ඉඳලා තමයි සංවර්ධන වැඩ ආරම්භ කළේ. ඉදිරි අවුරුදු 6 දීත් ජනාධිපතිතුමා මේ රට සංවර්ධනය කරනවා." යැයි හෙතෙම කීය.