2017දී ලංකාවට චීන සංචාරකයන් 268,000ක්
දෙලක්ෂ හැටඅටදහසකට අධික චීන සංචාරකයන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එය දෙවැනි විශාලතම සංචාරක වෙළෙඳ පොළ බිහි කළ බව සංචාරක අමාත්‍යාංශය පසුගියදා අනාවරණය කළේය.
පසුගිය දෙසැම්බරයේදී පමණක් 19,000ක් වූ චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඒ දෙසැම්බරයේ මැද භාගයේ සංචාරක අමාත්‍යාංශය සහ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ලංකාව මංගලෝත්සව වෙනුවෙන් කදිම පුරයක් බවට අවධානය ඇති කරනු වස් සංවිධානය කළ විශාල චීන මංගලෝත්සවයද මෙයට හේතු වී තිබිණි.
චීනය විශාල වෙළෙඳ පොළක් බවත්, 2020 වනවිට වසරකට චීන සංචාරකයන් මිලියනයක්වත් මෙරටට ගෙන්වාගැනීමට උත්සාහ දරන බවත් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.
2017දී මුළු සංචාරක පැමිණීම 2,116,407ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, එය පසුගිය වසරට වඩා 3.2ක ඉහළ යෑමකි. පළමු ස්ථානය සුපුරුදු පරිදි ඉන්දියාව දිනාගන්නේ 2017 වසර තුළ සංචාරකයන් 384,628ක පිරිසක් මෙරටට පැමිණීමෙනි. තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයට හිමිව තිබේ.
එසේම මෙම තත්ත්වය හිමි කරගත්තේ ජනවාරි සිට අප්‍රේල් තෙක් ගුවන්තොටුපොළ අසම්පූර්ණව ක්‍රියාත්මක වීම් වැනි දැඩි බාධක මධ්‍යයේ බවද අමාත්‍යාංශය පවසයි. එසේම එයින් අනතුරුව රට තුළ සිදුවූ ඩෙංගු, ගංවතුර වැනි ස්වාභාවික ව්‍යසනද ඊට බලපෑමක් එල්ල කළ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


