ජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සහ සේවා සැපයීමෙන් ඇතුළු සමස්තයක් ලෙස රජයට අයවිය යුතු බදු මුදල්වලින් රුපියල් කෝටි 19,697ක මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ආදායම් බද්ද, එකතු කළ අගය මක බද්ද හෙවත් වැට්, ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු , මුද්දර බද්ද, භාණ්ඩ හා සේවා බද්ද, ජාතික ආරක්ෂක බද්ද, ජාතික රැකගැනීමේ බද්ද ආදී බදු ගෙවීම එලෙස පැහැරහැර ඇති බදුවර්ග වේ.
2017 වසරේ රජය ලබාගත් බදු ආදායමරුපියල් කෝටි 83,651ක් වන අතර (836,517,705,134) ගෙවීම් පැහැර හැර ඇති මෙම බදු ප්‍රමාණය වන රුපියල් කෝටි 19,697 මුදලද එක් වූ විට එම වසරේ අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් කෝටි 103,348ක් වේ.
මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදුගෙවන්නන්ගේ ලිපිගොනු 1,409,944ක් පවත්වාගෙන යන අතර, එම ප්‍රමාණය තවත් වැඩිවිය යුතු බව රජයේ අදහස වී ඇත.
මේ අනුව ගෙවීම පැහැරහරින ලද සම්පූර්ණ මුදල 196,979,103,266කි. එහි වැඩිම ප්‍රමාණය ආදායම් බද්ද ලෙස අයවිය යුතු මුදල් වන අතර, එම ප්‍රමාණය 117,663,779,978කි. එකතු කළ අගය මත බදු මුදල් හෙවත් වැට් බදු මුදල් රුපියල් 50,350,479,988ක්ද ගෙවීම් පැහරහැර තිබේ.
ජාතික ආරක්ෂක බද්ද ලෙස අය කරන බදු මුදලින් රුපියල් 1,267,057,545ක මුදලක් ගෙවීම පැහැරහැර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
එමෙනම් පිරිවැටුම් බද්ද ලෙස අයවියයුතු මුදලින් රුපියල් 1,722,835,502ක මුදලක්ද,හර බද්ද ලෙස අයවිය යුතු මුදලින් රුපියල් 2,215,581,368ක මුදලක් ගෙවීමද පැහැරහැර ඇත.
ආදායම් බද්ද මත අධිභාරය ලෙස අයවිය යුතු රුපියල් 258,960,780ක මුදලක්ද, මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බදුමුදල් ලෙස රුපියල් 7,643,997,409ක මුදලක් ගෙවීම් පැහැරහැර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
ආර්ථික සේවා ගාස්තු ලෙස රුපියල් 3,849,895,152ක මුදලක්ද ජාතිය ගොඩනැගීමේ බදු මුදල් ලෙස අයවිය යුතු 9,145,262,843ක මුදලක්ද, මූල්‍ය සේවා සඳහා වන ජාතිය ගොඩනැගීමේ බදු මුදල් වන රුපියල් 391,312,502ක මුදලක්ද පසුගිය 2017 වසරේදී ගෙවීම් පැහැරහැර තිබේ.
එමෙන්ම පසුගිය 2017 වසරේදී මුද්දර බද්ද ලෙස අයවිය යුතු රුපියල් 9,732,724ක මුදලක්ද, භාණ්ඩ හා සේවා බද්ද ලෙස අයවිය යුතු රුපියල් 934,955,433ක මුදලක්ද ගෙවීම් පැහැරහැර තිබේ.
සමාජ වගකීම් බද්ධ යටතේ අයවිය යුතු රුපියල් 1,848,479ක මුදලක්ද, ධන බද්ද ලෙස අයවිය යුතු රුපියල් 849,952ක මුදලක්ද පසුගිය වසරේ ගෙවීම පැහැරහැර ඇත.
එම බදු මුදල් අතරින් රුපියල් 19,943,367,597ක මුදලක් රැස් කළ හැකි බදු මුදල් බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
නියමිත දිනට බදු නොගෙවීම වෙනුවෙන් ගනුලබන පියවර අඛණ්ඩව ගනු ලැබූ බවද, තවමත් සැලකිය යුතු පිරිසක් බදු නොගෙවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2017 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 836,518ක් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.