එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව වෙත ඉදිරිපත් කළ යෝජනාවට කමිටුවේ ඒකමතික අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
ලෝක බෞද්ධ ජනතාව නියෝජනය කරමින් රටවල් 100 කට අධික බෞද්ධ නායකයන්ගේ මූලිකත්වයෙන් තායිලන්තයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව වසර 2017 දී 14 වැනි වරට සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම මත ප්රදානය කර ඇත.
එම උත්සවය හා ලෝක බෞද්ධ සමුළුව අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීමට අවශ්‍ය සියලු සහයෝගය ලෝකය බෞද්ධ රටවල් ලබාදීමට ද එකඟ වී ඇතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. මෙවර තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ 13 වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය ද ශ්‍රී ලංකාවට හිමිවූ අතර එය අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මතා විසින් පවත්වනු ලැබීය.