2017 වසරේදී පමණක් ඩෙංගු රෝගීන් 34,985ක්
2017 වර්ෂයේ අප්‍රේල් මස තෙවැනි සතිය දක්වා ඩෙංගු රෝගීන් 34,985 දෙනෙකු හමුව ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 65ක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එසේම, වසරේ පළමු මදුරු මර්දන සතිය සහ විශේෂ මදුරු මර්දන වැඩසටහන් තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 763ක් සහ මදුරු කීටයන් හමුවූ පාසල් 121ක් හමුව ඇති බවටද වාර්තා වේ.
මේඅතර, දෙවැනි පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පසුගියදා සිදුකරන ලද පාසල් පවිත්‍ර කිරීමේ වැඩසටහනේ ඇගයීම් වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ.
එසේම, සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය ඒකාබද්ධව හෙට (28දා) සහ අනිද්දා (29දා) යන දෙදින තුළද පාසල් පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති අතර,එහිදී මදුරු කීටයන් බෝවන පාසලක් හමුවුවහොත් එම ස්ථාන ඉවත් කිරීමට මසක කාලයක් ලබාදීමට නියමිත බවත්, එම කාලයෙන් අනතුරුව මදුරු කීටයන් බෝවන ස්ථාන යම් පාසලක හමු වුවහොත්අදාළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයිදසෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

