2017 වසරේදී සංවර්ධන සුනාමියක් ක්‍රියාත්මක කරන අතර, එය ජනතාව ජීවත් කරවන සුනාමියක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම එය ඓතිහාසික සංවර්ධන සංග්‍රාමයක් බවත්, නිවාස සංවර්ධන ක්ෂේත්රයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ උන්තිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ලබන වසරේදී ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර සිතුමිණිගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"විශාල සම්පත් ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය හා වාරි ක්ෂේත්රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට විශාල ධනයක් වෙන්කර තිබෙනවා. රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන්න උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදෙනවා. සෑම ග්‍රාම සේවා නිලධාරී වසමකම ස්වයං රැකියාවන් හී නිරත තරුණ තරුණියන්ට පොලී රහිත ණය ලබාදෙනවා" යැයි අමාත්‍යවරයා පැවසීය.
එසේම මෙහිදී රජය විසින් ක්‍රියාත්මක උදා ගම්මාන වැඩසටහන පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය. "උදාගම්මාන වැඩපිළිවෙළ නැවතත් ආරම්භ වූයේ 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසුවයි. පසුගිය වසරේ උදාගම්මාන 38ක වැඩ ආරම්භ කළා. 2016 වසරේ තවත් උදාගම්මාන 148කුත්, වැලිඔය ප්‍රදේශයේ ගම්මාන 9කුත්, පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගම්මාන 6කුත් යනාදී වශයෙන් එකුකර බලන විට රට පුරා ගම්මාන 201ක් ඉදිවෙමින් පවතිනවා.
මොනම හේතුවක් නිසාවත් රජයේ ඉඩම් ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම්. එවැනි දේ වුණොත් ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතියයි. මම මේ දිස්ත්‍රික්කයේ ඉන්න තෙක් කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නෑ. මුළු රටේම බදු ඔප්පු, බලපත්‍ර යටතේ ජීවත් වන සියල්ලන්ටම ඔවුන් පදිංචි ඉඩම් බැංකුවකට තබා ණයක් ලබාගත හැකි වන පරිදි සින්නක්කර ඔප්පු හිමිකර දීමට නව ඉඩම් පනතක් හෙට අනිද්දා ඉදිරිපත් කරනවා. 2017 වසරේදී නව නිවාස ගම්මාන 500ක් වත් සාදා නිම කිරීම අපේ අරමුණයි"