2017 රටේ අපනයන ආදායමෙන් සියයට 44ක් මුහුදු ආහාර අපනයනයෙන් ලබාගැනීමට හැකිවී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සී නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹගත කිරීම පසුගියදා (16දා) මට්ටක්කුලිය සී නෝර් පදනමේ ජැටියේ දී සිදු වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් පළකළ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබෙනවා. 2017 අප රටේ අපනයන ආදායමෙන් සියයට 44ක් මුහුදු ආහාර අපනයනයෙන් ලබාගැනීමට අපිට හැකිවී තිබෙනවා. ඒ වගේම තමයි 2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් අප රටට ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවනවා.
අපේ දිනපතා මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 40ක් පසු අස්වනු නාස්තියට ලක්වෙනවා. ඒ සඳහා උචිත වැඩපිළිවෙළක් වශයෙන් නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ වගකීම මම සී නොර් ආයතනයට පැවරුවා. දැන් එම ආයතනය විසින් ඉතා හොඳ මට්ටමේ ධීවර යාත්‍රා නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ පාඩු ලැබූ, වසා දමන්නට සැරසී සිටි සී නෝර් ආයතනය අද ලාභ උපයන තත්ත්වයට පත්ව තිබෙනවා” යැයි ප්‍රකාශ කළේය.