පන්ති කාමරයක සිටිය යුතු ළමයින් ගණන 40ක් වන සීමාව 2016 වසරට පමණක් බලපැවැත්වන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එහෙත් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ළමයින් සංඛ්‍යාව 35ක් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව යමින් ඉදිරි වසර 5 ක කාලය තුළ එනම් 2017 වසරේ සිට වසරකට එක් ළමයෙකු බැගින් අඩු කර 2021 වසරේදී ළමයින් සීමාව 35ක් දක්වා අඩු කිරීමට මෙමගින් සැලසුම් කර තිබේ.
මේ අතර පන්ති කාමරයක සිටින ළමයින් ගණන අඩුවන ප්‍රතිශතයට සමගාමීව ක්‍රියාන්විත, ආදිශිෂ්‍ය, ගෘහමූලික, සහෝදර ආදී පදනම් මත පාසලකට ඇතුළත් කරන ළමයින්ගේ කෝටාවද අඩු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පසුගිය ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා 2011 වසරේදී අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත ළමයින් 35 දෙනෙකු පමණක් පන්ති කාමරයක සිටිය යුතු බවට නියෝගයක් ලබා දී තිබුණු, අතර එය 2016 වසරේ සිට ක්‍රියාත්මක විය යුතු බවටද අධිකරණය දැනුම් දී තිබිණි.