2016 පෙබරවාරි මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී එය මධ්‍යස්ථ ක්රියාකාරීත්වයක් පෙන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වෙළෙඳ හිඟය අඩුවීම සහ සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස විදේශ විනිමය ලැබීම්වල වර්ධනයක් වාර්තා වීම මෙම තත්ත්වයට බලපා ඇති බවද පෙන්වා දෙයි.
එහිදී, පෙබරවාරි මාසයේදී අපනයන ආදායමෙහි සිදුවූ අඩුවීම හමුවේ වුවද ඉන්ධන ආනයන, ආහාර හා පාන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදමෙහි සිදුවූ විශාල අඩුවීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩුවී තිබේ.
කෙසේ නමුත්, මෙම කාලපරිච්ඡේදය තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.