2016 දී පාරිලිමේන්තුව දින 97යි - වියදම කෝටි 162යි
ශ්රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය වසරේ (2016) දින 97 ක් පවත්වා ඇති අතර, ඒ සඳහා රුපියල් කෝටි 162කට ආසන්න මුදලක් වැය වී ඇතැයි පාර්ලිමේන්තු තොරතුරු වාර්තා අනාවරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුව එක් දිනයක් පැවැත්වීම සඳහා ගතවන වියදම රුපියල් එක්කෝටි හැට හය ලක්ෂ අනූ පන්දහස් අටසිය අසූ හතරක් (16,695,884.57) වන බව පාර්ලිමේන්තුවේ තොරතුරු කාර්යාලයෙන් ලබාගත් තොරතුරු තුළ දක්වා ඇත.
2016 වසරේ පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා මුළු වියදම ලෙස රුපියල් 1,619,500,803 ක මුදලක් වැය වී තිබේ.
පාර්ලිමේන්තුව තුළ පරිපාලන කටයුතුවල පහසුව සඳහා එක් එක් වගකීම් බෙදාදෙමින් දෙපාර්තමේන්තු 08 ක් ක්රියාත්මක වන අතර, එම දෙපාර්තමේන්තු ස්වාධීන දෙපාර්තමේන්තු නොවන බැවින් එම එක් එක් දෙපාර්තමේන්තු සඳහා වැය වන වියදම ඉදිරිපත් කළ නොහැකි බවද අප කළ විමසීමේදී පාර්ලිමේන්තුව දැනුම්දුන්නේය.
කෙසේ වුවද ශ්රී ලංකා පාර්ලිමේන්තුව මාසයක කාලයක් පැවැත්වීම සඳහා වැය වන මුදල දල වශයෙන් රුපියල් කෝටි 13කට වැඩි බවද පාර්ලිමේන්තුවේ තොරතුරු කාර්යාලය දැන්වීය. ඒ අනුව එම මුදල රුපියල් 134,958,400.25 ක් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

