2016 නව අවුරුදු උදාවත් සමග යුරෝපයේ නගර කිහිපයකටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රියාවේ, වියානා නුවරදී එරට පොලීසියේ මැදිහත් වීමෙන් මෙම බුද්ධි වාර්තාව සමග අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
නත්තල සැමරෙන මේ වකාවනුවත්, 2016 නව වසර උදාව සැමරෙන අවස්ථාවත් මෙම ප්‍රහාරයට මූලික විය හැකි බවද බුද්ධි වාර්තාව කියයි.
එමෙන්ම, මෙම ත්රස්තයන් බෝම්බ පුපුරුවා ගනිමින් හෝ ගිනි අවිය යොදාගෙන සිදුකරන වෙඩි තැබීමකින් හෝ මෙම ප්‍රහාරය සිදුකළ හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට ඉලක්ක විය හැකි නගර මෙම වාර්තාව මගින් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ ජනගහනය අධිකව ගැවසෙන යුරෝපයේ නගර රැසක ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට පොලීසිය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
මෑතකදී ප්‍රංශය ඉලක්ක කරගනිමින් සිදුකළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග මෙවැනි ත්‍රස්ත ප්රහාරයන්ගේ අවදානම සම්බන්ධයෙන් යුරෝපා රටවල් දැඩි අවධානයකින් පසුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.