2016 – 2019 කාල සිමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
2016 – 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවු අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අද (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව මගින් 2016 – 2019 කාල සිමාව තුළ අරමුදලේ බරපතල මුදල් අවභාවිතාවක් සිදුව ඇති බව තහවුරු කර ඇත.
ඒ අනුව නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනිමේ හා තැන්පත් පොලිය ආදායම් අහිමිවිමෙන් රු.මිලියන 2608ක්ද
නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරිම් සදහා රු.මිලියන 753ක්ද
වශයෙන් රු.මිලියන 11059ක මුදල් අවභාවිතාවයක් සිදුව ඇති බව කමිටුව අනාවරණය කර ගෙන තිබේ.
සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටද කමිටුව නිර්දේශ කර ඇත.