ආර්ථික දුර්වලතා, රැකියාවේ නිවාඩු නොමැතිවීම වැනි හේතු නිසා දඬ මුදලට වඩා පොලීසියට අල්ලස් ලබාදෙන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කළ සමීක්ෂණයකින් හෙළිව ඇතැයි එම සංගමය පවසයි.
අනුපාතයක් ලෙස රුපියල් 500ක දඬ මුදලක් රැජයට ලැබෙන විට රුපියල් 800 ඉක්මවන මුදලක් පොලීසියේ දූෂිත නිලධාරීන් අතට පත්වෙන බවත් මේ අනුව 2016 වසරේදී පමණක් රුපියල් බිලියන 3.2 ඉක්මවූ අල්ලස් මුදලක් පොලීසියේ දූෂිත නිලධාරීන්ට ලැබී ඇති බවට නියාමනය වන බවත් එම සංගමය දැනුම් දෙයි.
එසේම උත්සව සමයේදී ප්‍රායෝගික නැති නීති ක්‍රියාත්මක කිරීම පිළිබදව යතුරුපැදිකරුවන්ගෙන් ලැබෙන පැමිණිල් වර්ධනය වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
සාමාන්‍ය කාලසීමාවකදී දිනකට මෙම අගය පැමිණිල් 10-20ක් අතර ප්‍රමාණයක් වුවත් අවුරුදු හා නත්තල් සමයේදී දිනකට එම අගය 50-60ක් දක්වා ඉක්මවන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.