2015 වර්ෂයේ තුන් වන කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 9.0ක් පමණ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඉන් සියයට 64.5ක් පුරුෂයින් වන අතර සියයට 35.5ක් ස්ත්‍රීන් වේ.
තවද, වැඩකරන වයසේ ජනගහනයෙන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී පුද්ගලයින් ගණන ශ්‍රම බලකාය ලෙසද හැඳින්වේ. එම ශ්‍රම බලකාය, වැඩ කළ හැකි වයසේ ජනගහනයේ (වයස අවුරුදු 15 සහ ඊට වැඩි) ප්‍රතිශතයක් ලෙස දැක්වූ කළ ශ්‍රම බලකා සහභාගීත්වතා අනුපාතය (LFPR) ලෙස හැඳින්වේ. සමීක්ෂණ ප්‍රතිඵල පෙන්වා දෙන ආකාරයට තුන් වන කාර්තුවේ මුළු ශ්‍රම බලකා සහභාගීත්වතා අනුපාතය සියයට 53.8කි. එම අනුපාතය පුරුෂයින් සඳහා සියයට 74.7ක් වන අතර ස්ත්‍රීන් සඳහා සියයට 35.7ක් වේ.