2015 වසරේදී විශ්වවිද්‍යාලවලට බඳවාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මහපොළ ශිෂ්‍යාධාර ලැබිය යුතු කිසිදු ශිෂ්‍ය‘යෙකුට හෝ ශිෂ්‍යාවකට මෙතෙක් මහපොළ වාරික ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මහපොළ ශිෂ්‍යාධාර ලබාදෙන්නේ ආර්ථික දුෂ්කරතා ඇති ශිෂ්‍යයන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා බලපාන ආර්ථික ගැටලු විසඳාගැනීමට බවත්, පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී මහපොළ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබා තිබෙන කිසිවෙකුට අදාළ මුදල ලබා දී නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා කියා සිටියේය.
මේ පිළිබඳව මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ වැඩබලන අධ්යක්ෂ එම්.පී. බණ්ඩාර මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අදාළ මුදල් මේ සතිය අවසන් වීමට පෙර විශ්වවිද්‍යාලවලට ලබාදීමට කටයුතු කරන බවයි.
ශිෂ්‍ය‘යෙකු හෝ ශිෂ්‍යාවක විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු ඔහුට හෝ ඇයට මහපොළ ශිෂ්‍යාධාර මුදල ලැබිය යුතුද යන්න සොයාබලන බවත්, ඉන්පසුව අදාළ නාමලේඛන සකස් කර අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෙවරක් ලිපි මගින් දැනුවත් කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙලෙස ලිපි යැවීමෙන් පසු ශිෂ්‍ය අදහස් ලබාගෙන එය පරිගණකගත කරන අතර, ඒ සඳහා ආසන්න වශයෙන් මාස 07කට වැඩි කාලයක් ගතවන බවද වැඩබලන අධ්යක්ෂවරයා සඳහන් කළේය.
ඉන්පසුව එය මහපොළ භාරකාර අරමුදල වෙත ලැබීමෙන් පසු වෙන් වෙන් වශයෙන් මුදල් ලබාදීමේ ක්‍රම‘වේදය සකස් කරන අතර, ඒ සඳහාද මාස දෙකකට අධික කාලයක් ගතවන බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව යම් කාලයක් ගතවීම නිසා මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබාදීමට මාස කිහිපයක් ගතවන බවත්, එම කාලය තුළදී ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල මගින් ශිෂ්‍යාධාර මුදල් ලබාදෙන බවත් වැඩබලන අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ අනුව පසුගිය වසරේදී විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන මහපොළ ශිෂ්‍යාධාරය ලැබීමට සුදුසුකම් ලැබූ සියලුම දෙනාට මේ සතිය තුළදී මුදල් ලබාදෙන බවත්, මේ අනුව වාරික 10 ක් හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වාරික 07 ක මුදලක් එකවර ලබාදෙන අතර, වාරික 07 ට අඩු සියලු දෙනාට අදාළ වාරික මුදල් සියල්ල ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.