2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 7කට අධික ණයව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා සඳහන් කරයි. (රුපියල් 7, 390, 899, 000, 000- ට්‍රිලියන හතයි, බිලියන තුන්සිය අසූවයි, මිලියන අටසිය අනූ නවයක්) ඒ අනුව 2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ එක් පවුලක ණය මිලියන 1.4 ( 1, 429,920) බවද ඔහු සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වමින් පවසයි.
ඇමෙරිකාවේ ජාතික ණය ඔරලෝසුව මෑන් හැටන්හි පිහිටා තිබෙන අතර එහිදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය හා එක් පවුලක කොටස ඔවුන් සඳහන් කර තිබේ. එවැනි ඔරලෝසුවක් ශ්‍රී ලංකාවේ කොළඹට අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කරයි.