2008-2014 බැඳුම්කර නිකතුව බිලියන 5147ක්
2008 සිට 2014 වසර දක්වා රුපියල් බිලියන පන්දහස් එකසිය හතළිස් හතක (රු.5,147,751,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙනබවත්, එයින් බහුතරයක් සෘජු ක්‍රමය යටතේ නිකුත් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (11දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ මේ සඳහා මුදල් මණ්ඩලයේද අනුමැතිය ලැබී නොමැති බවයි. මෙම අවභාවිතයන් පිළිබඳ සෙවීමට තමා උපදෙස් දුන් බවත්, මේ සම්බන්ධයෙන් එකවට මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුබවත්ඔහුපැවසීය.
“බහුතරයක් බැඳුම්කර නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පෞද්ගලික ඍජු කිතුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ. මෙම කාලය අතරතුර රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු.4,702,232,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැඳුම්කර නිකුතුවලින් 90෴කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික සෘජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මේ කිසිවකට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැහැ.
එසේම 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුව ඇති අවභාවිතයන් පිළිබඳ විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එම අවභාවිතයන් පිළිබඳ කඩිනමින් සෙවීමටද අදාල අංශවලට මා උපදෙස් ලබාදී අවසන්. එම සියලුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට අපි කටයුතු කරනවා.
එම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යතුමා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතුයි. මහජන නියෝජිතයන් වන අපත් මේ රටේ ජනතාවත් මෙම අබිරහස් පිළිබඳ දැනුවත් විය යුතුයි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







