2006 වසරේ සිට ගෙවීම් ප්‍රමාද වී තිබූ හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා රුපියල් මිලියන 902.94 ක මුදලක් පළාත් සභා සියල්ල ආවරණය වන පරිදි නිදහස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දීර්ඝ කාලයක් පුරා පවතින හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.