එක්සත් ජාතික පක්ෂිකයන් 2002 වසරේ සහ 2015 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කළද එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වූ බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක කාර්යයාලයක් ඊයේ (26දා) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු ජාතික සමගි ජනබලවේගයේ රජයක් පත් වු පසු මේ රටේ ජනතාව සහන රැසක් ලබාදෙන බවයි.