20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම පැවැත්වීම නිමා කළ යුතු බවත් එසේ නොකිරීම එම ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි උල්ලංඝණය කිරිමක් බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර සිටියි.