දැනට ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රසාදය මේවන විටත් පළ වී ඇති බවත් ඒ පිළිබඳව පළව ඇති අදහස් පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවිය යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ ජනපතිවරයා කෙරෙහි තබන ලද විශ්වාසය පළුදු නොවන පරිදි පුජනීය මහා සංඝයා වහන්සේගේ අනුශාසනා හා අදහස් පිළිබඳව විශේෂ අවධානයෙන් යුතුව ක්‍රියා කිරීමට පියවර ගනු ඇති බවයි.