පෙරදිග මෝසම් තත්ත්වය වර්ධනය වෙමින් පවතින නිසා මේ මස 20වන දින පමණ වනවිට පළාත් 05කට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වයට අනුව මෙම මස 25,26 යන දෙදින තුළ සැලකිය යුතු මට්ටමේ වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කළාය.
මේ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ යන පළාත්වලට වැසි ඇතිවන බවත්, ඒ හේතුවෙන් එම පළාත්වලට ඇතිවී තිබෙන අධික උෂ්ණත්වය ක්රමක්ක්රමයෙන් අඩුවී යන බවත් ඇය පවසා සිටියාය.