විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් හෙට (12දා) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා තිබේ. ඒ අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.
දැනට කැබිනට් අනුමැතිය හිමි වූ 20 වැනි සංශෝධනයේ සඳහන් මැතිවරණ කොට්ඨාස 125 වෙනුවට එය වෙනස් කර ගැනීමට හැකියාව තිබෙන බව අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් අවසන් 20 වැනි සංශෝධනය හෙට දිනයේදී ගැසට් කිරීමටද රජය බලාපොරොත්තු වේ.