20 වැනි සංශෝධනය යහපත් තීරණයක් බවත්, තමන් ඊට අත් දෙකම ඔසවන බවත් නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ජාතික නිවාස සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 200 දෙනෙකුට නිවාස ණය චෙක්පත් ලබාදීම සහ කොඩි දිනය සැමරීම නිමිති කරගෙන ඊයේ (23දා) මාතර නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති උත්සවයේදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" කට්ටියක් කියනවා හෙට විසිරුවනවලු. අද විසිරුවනවලු. තවත් අය කියනවා අප්‍රේල් විසිරුවනවලු. නමුත් මේ සියල්ලක්ම පවතින්නෙ ජනාධිපතිතුමාගෙ අතේ. මොකද එතුමා බලාපොරොත්තු වෙනවා මේ රටේ අලුත් ක්‍රමවේදයක් ආරම්භ කරන්න.
20 වැනි සංශෝධනය මේ රටේ ජනතාවගේ තීන්දුතීරණ ගන්නා වූ ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒ හරහා ජනතාවගේ අවශ්‍යතාව උඩ තමන්ගේ ආසනයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්කර ගන්න වැඩපිළිවෙළක් සකස් කරලා මිසක මං හිතන විදියට මේ මැතිවරණය තියන එකක් නැහැ.පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ 20 වැනි සංශෝධනයට සහයෝගය දෙයි කියලා මම විශ්වාස කරනවා. මම නම් 20 ට අත්දෙකම උස්සනවා" යැයි පැවසීය.