20 ගැන අධ්‍යයන කළ කමිටු වාර්තාව නිකුත් වෙයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයන කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙන ඒමට තිබූ ඉඩ ප්‍රස්තාව 20 වැනි සංශෝධනයෙන් අහෝසි වුව ද, දැනට අධිකරණය හමුවේ ජනාධිපතිවරයා වගඋත්තරකරු කරමින පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කර අවසන් කිරීමට පමණක් අවස්ථාව සැලසේ.
එමෙන්ම විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යෑමටත්, ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් කිරීමටත් එකඟතාව හිමිව ඇත. කෙසෙ වෙතත් සමාගම් පනත යටතේ ලියාපදිංචි රජයේ සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට අවස්ථාව හිමි නොවේ.
අමාත්‍ය මණ්ඩලය 30 දක්වාත්, කැබිනට් නොවන අමාත්‍ය ධුර 40 දක්වාත් සීමා කරමින්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනවා තිබූ සීමා එලෙසම පවත්වාගෙන යෑමටද තීරණය කර ඇත.
අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේදී ඒකීයතාව ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය සංශෝධනයකින් තොරව පවත්වාගෙන යෑමටද කමිටුවේ එකඟතාව හිමිව තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 05ක් බවටත්, ගණ පූර්ණය 03ක් කිරීමටත් තීරණය කර තිබේ. හදිසි පනත් ගෙන ඒමට 20වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඉදිරිපත් වූ යෝජනාව ඉවත් කරගැනීමටත්, යම් පනතක් සම්බන්ධයෙන් එහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂාව සඳහා යමෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තිබූ කාලය දින 07 සිට දින 14 දක්වා දීර්ඝ කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයාට පමණක් අදාළ වන පරිදි ද්විත්ව පුරවැසිභාවයේ බාධාව පවත්වාගත යුතු බවටද එකඟතාව පළ වී තිබේ.
මහජනතාව පොලීසියට එරෙහිව කරන පැමිණිලි විභාග කිරීම සඳහා පොලිස් කොමිසමට තවදුරටත් අවස්ථාව හිමිවන අතර, පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් හා මාරු වීම් සිදු කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පැවරීමටද එකඟතාව හිමිව ඇත.
අධිකරණ සේවා කොමිසමට ජ්‍යෙෂ්ඨ වෘත්තීය විනිසුරුවරයෙකු ඇතුළත් කිරීමටද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වේ.
එය නීති කෙටුම්පත් සැකසීම වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ලබා දී බැවින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බවද සඳහන් වේ.
එමෙන්ම 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැකසීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා භාරගන්නා බවට පැවසී යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
popular news
-
DOSIR Thursday, 17 September 2020 09:53 AM
Hora kanna mardanayata hethuwana 20 waha akula ganu. Janathawage salli walin wada karana company wala vigananaya viganakadhipathi yatathata aniraryayenma athulath karananu. 225 janapathi noweyi vigananaya karanne viganakadhipathi. Eka karanna yana kalaya ha shramaya eya balaganeevi. Onimanam ema viyadama Company walin ayakaraganu. Rajya mudal awabavithaya ta wata badinu. Vigananaya DOSIR kireema nawathanu.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

