ආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වන සංශෝධනය ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සාධාරණ සමාජයක් යන්න මෙරට තුළ යථාර්තයක් කර ගැනීමට 19 වන සංශෝධනය සාකච්ඡාවට බඳුන් කළ යුතු වන බවත් ඊට හොඳම ව්‍යයාමය වන්නේ 20 වන සංශෝධනය බවත්, 20 වන සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
2015 න් පසු දින 100 වැඩසටහනේ එක අංශයක් ලෙස 19 වන සංශෝධනය මෙරට තිබු සියලුම ගැටලුවලට විසඳුමක් ලෙස එවකට මෙරට පාලකයින් සිතා කටයුතු කළ බවත්, 19 වන සශෝධනය මඟින් ස්වාධින කොමිෂන් පත් කිරීම සම්බන්ධව පසුගිය කාලපරිච්ඡේදය තුළ වැදගත් අංගයක් ඉටු කළ රජයක් ලෙස එදා සිටී ආණ්ඩු පක්ෂය සැම අවස්ථාවකම ප්‍රකාශ කළ බවත් මෙහි දී විශේෂයෙන් සඳහන් කළ ඒ මහතා එවකට සමාජ සංවර්ධන වැඩපිළිවෙලවල් නතර වීම මෙන්ම මෙරට ආර්ථිකය කඩාවැටීම ද සිදු වීම සම්බන්ධව කරුණු අනාවරණය කළේය.
එමෙන්ම, ඒ පිළිබඳව රජය කුමක් ද සිදු කරන ලද්දේ යැයි පසුගිය රජයෙන් ප්‍රශ්න කරන විට ස්වාධින කොමිෂන් ගෙන ආ බවත්, ව්‍යවස්ථාදායක සභාව හරහා මෙරට සමාජ සාධාරණත්වය ගෙන ඒමට කටයුතු කළ බවත් යැයි පවසනු ලැබූ බවත් සඳහන් කළ රඹුක්වැල්ල මහතා 19 වන සංශෝධනය මඟින් රජයක් වශයෙන් සමාජ සාධාරණය සිදු කරන්නේ නම් පළමුව ජනතාව ඉදිරියට යාමට කිසිඳු බියක් දක්වන්නේ නොමැති බවත්, එවකට සිටී පාලකයින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව බියක් දක්වන බවත්, කිසිඳු අවස්ථාවක ජනතාව ඉදිරියට යාමට කිසිඳු කැමැත්තක් පසුගිය රජයට නොතිබූ බවත්, පළාත් පාලන මැතිවරණය පවා හිතාමතා කල් දැමීමට කටයුතු කළ බවත් මෙහි දී ප්‍රකාශ කළේය.