1990’ සුව සැරිය ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලී ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත ‘1990’ සුව සැරිය ගිලන් රථ සේවය මගින් හදිසි රෝහල් ගතවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය ගිලන් රථ සේවාව තුළදී හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වයඹ පළාතට ගිලන් රථ 31ක් ඒ අනුව ලබාදෙන අතර, හලාවත සඳහා ගිලන් රථ 13ක් සහ කුලියාපිටියට ගිලන් රථ 18ක් ලබාදීමට මේ අනුව කටයුතු කර තිබේ.
මේ දක්වා 1990 ලද දුරකතන ඇමතුම් 699,979කට ක්ෂණික ප්‍රතිචාර දක්වා,115,641 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.54 වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගීන් වෙත ළඟා වෙමින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 104,203ක් මේ මගින් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.