බාල වයස්කරුවන් මෙහෙකාර සේවයට යොදවා ගැනීමට විරෝධය පළ කරමින් අද (28) හැටන් - කොටගල නගරයේ දී ප්රදේශයේ විදුහල්වල ආචාර්යවරුන් හා පාසල් ළමයින් එක්ව විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
වතුකරයේ ළමයින් දිවයිනේ නගරවල නිවාස වෙත මෙහෙකාර සේවයේ යෙදවීම බහුලව සිදුවන බැවින් එය නැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතු බව විරෝධතාවයට එක්වූවන් පවසා සිටියා.