රජරට විශ්විද්‍යාලයේ ඇතිවී තිබෙන ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් එම විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි උපකුලපති මහාචාර්ය රංජිත් සිරිවර්ධන මහතා තීරණය කර තිබේ.
මේ බව උපකුලපතිවරයා විසින් අද (27) උදෑසන සිසුන්ට දැනුම් දී ඇත. ආචාර්යවරුන්ගේ ජීවිතාරක්ෂාව සලකා මෙම තීරණය ගත් බව උපකුලපතිවරයාගේ අත්සනින් සිසුන්ට ලබාදුන් නිවේදනයක සඳහන් වෙයි.